(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහතුඩුව වෑතර ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසක් පිටුපස වත්තක කඩා වැටුණු පුවක් ගසක කඳට යටවීමෙන් මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි .
පුවක් ගසට නැගීමට උපයෝගී කරගත් රෙදි වලින් තනන ලද වළල්ලක් සහ පුවක් ගෙඩි දෙසීයක් පමණ අඩංගු පෝර උරයක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත .
ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අය අනුරාධපුරය වන්දනාවේ යාම සඳහා නිවසින් පිටත් වීමෙන් අනතුරුව අසල්වාසියකු නිවස පිටුපස වත්තට පැමිණ සිටියදී ඇතිවූ දුගදක් හේතුවෙන් ඒ පිළිබද සොයා බැලීමේදී පුවක් ගසේ කඳට යට වී සිටි මෙම පුද්ගලයා දැක තිබූ බව පොලිසිය කියයි .
නිවසියන් වන්දනාව ගමන අත්හැර දමා නැවත පැමිණ ඒ බව පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මළ සිරුර සොයා ගන්නා විට බෙහෙවින් නරක් වී තිබූ බවත් මෙම පුද්ගලයා දින තුන හතරකට ඉහත දී මිය යන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි .
කඩා වැටී තිබූ අඩි හැටක් පමණ උසින් යුත් දිරාපත්ව තිබූ පුවක් ගසේ අඩි 50ක් පමණ ඉහළට වන්නට කොටස ආසන්නයේ කඳට මෙම පුද්ගලයාගේ ගෙල සිරවී තිබූ බව පොලිසිය කියයි