(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී ඔහුගේ රන් අත් පළඳනාව පැහැරගත් සිව්දෙනෙකු දෙසැම්බර් 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් දේශබන්දු සූරියපටබැඳි මහතා නියෝග කළේය.
බන්ධනාගාර ගතකිරීමට නියෝග ලද්දේ බලන්ගොඩ නගරය ආසන්නයේ පදිංචිකරුවන් සිව්දෙනෙකුටය.
යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයකුට බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේදී පහර දී ඔහුගේ අන් අත් පළඳනාව පැහැරගෙන ගොස් ගොඩකවෙල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට මොවුන් උකස් කර තිබිණි. බලන්ගොඩ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධියෙන් පහරකෑමට ලක්වූයේ ඕපනායක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකි.

