(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව, ඉපිලිස්ස පාලම අසළදී පුතු සමග යතුරුපැදියෙන් ගමන් ගත් මවක අද(01) ටිපර් රථයකට යටවී මිය ගිය බව මොරන්තුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ගෝනදූව පදිංචිව සිටි හේවාතන්ත්‍රිගේ පද්මා චන්ද්‍රිකා නමැති 53 හැවිරිදි දෙදරු මවකි.
එම කාන්තාව තම පුතු සමග බණ්ඩාරගම කළුතර මාර්ගයේ මොරන්තුඩුව දෙසට පැමිණෙමින් සිටියදී එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයේ වම්පස පිටුපස රෝදයට යටවී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් බරපතල තුවාල ලද කාන්තාව තමාව රෝහල් ගතකරන ලෙද පවසා ඇතත්, එම ස්ථානයෙන් ගමන්ගත් වාහනවල රියදුරන් කිසිවෙකු ඉදිරිපත් නොවී ඇති අතර, පසුව සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කර තිබේ. එහිදී ඇය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදිය පැදවූ 18 හැවිරිදි පුතු රෝහල් ගතකර ඇති අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බව පානදුර මූලික රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ඔහු සිය පියාට අයත් යතුරුපැදිය පදවා ඇති බවද ඔහුට රිය බලපත්‍රයක් නොමැති බවද අනාවරණය වී තිබේ.
ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



