රෝවන් පෙරේරා
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේදී අද (4) සවස මෝටාර් උණ්ඩ කොටස් කිහිපයක් සහ ආර් පී ජී උණ්ඩ කොටස් කිහිපයක් හමුවූ බව පුත්තලම පොලීසිය කියයි.
පුත්තලම කොළඹ මාර්ගයේ දුම්රිය මාර්ගය ආසන්නයේ කලපු රක්ෂීතයේ තිබී මෙය හමුවී ඇත.
ප්‍රදේශවාසීයෙකු මෙය දැක පොලීසියට දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණී පුත්තලම පොලීසිය පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්ථා කර ලබා ගත් අධිකරණ නියෝගයක් මත පුත්තලම සෙල්ලංක්නදල් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මගින් එය විනාශ කිරීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.