(අමිල දොළපිහිල්ල)
මහනුවර දිස්ත්‍රික්කයට අඛණ්ඩව පනවනු ලැබ ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සපයාගත නොහැකිව පීඩාවට පත්ව සිටි පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පලීපාන ග්‍රාමයේ පවුල් 100 ක් වෙත වියළි ආහාර සහිත සහන මලු බෙදාදීමක් අද (30)පස්වරුවේ පූජාපිටිය -පලීපාන උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරයේදී සිදුකෙරිණි.
කොළඹ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ගාමිණී මොරගොඩ මහතාගේ සහ උදේනි අධිකාරී මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම සද්කාර්යය සිදුකරනු ලැබණි.
මේ යටතේ සහල් ,පරිප්පු ,සීනි ,සැමන් සහ බී ලූනු ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමට කටයුතු යොදා තිබිණි.
සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබ ඇති නියමයන්ට යටත්ව මෙම වැඩසටහන සිදුකෙරුණි.
විහාරාධිපති උඩකුඹුරේ විමලරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවූ මෙම කටයුත්තට පූජාපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක හේමන්ත බණ්ඩාර සහ පූජාපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් .එස් .තරංග යන මහත්වරු එක්ව සිටියහ.