(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා වෛරසය ආසාධිතදැයි අනාවරණය කර ගැනීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම සදහා කිසියම් වංචාකාරි පිරිසක් මුදල් ලබා ගැනීමට ගන්නා උත්සාහයට අසුනොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මීරිගම පොලිසිය සදහන් කරයි.
කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් මීරිගම නගරයේ හා අවට ආයතන වලට දුරකථන ඇමතුම් දෙම්න් පී.සී.ආර්. පරීක්ෂණ කිරිමට මුදලක් අවශ්‍ය බවට කල දැනුම්දීමක් සම්බන්ධයෙන් ජනතාව හා මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා කළ දැනුම්දීමක් මත පොලිසිය පරීකෂනයක් ආරම්භ කර ඇත.
එමෙන්ම මීරිගම ප්‍රෙද්ශයේ කිසිම පුද්ගලික ආයතනයකින් පී.සී.ආර්පරීක්ෂණ සිදු නොකරන බව ද පොලිසිය ජනතාවට දැනුම් දී ඇති අතර මේ වංචනික ක්‍රියාවේ පුද්ගලයන් නීතිය රැහනට අල්ලා ගැනීමට සහය ලබා දෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ'
මෙම පරීක්ෂණ පැවැත්වීම සදහා බව පවසමින් මුදල් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබුනොත් මීරිගම පොලිසිය 033-227322 හෝ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 033-2273278 වෙත දන්වන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.