පිළිස්සී මිය ගිය කාන්තාවකගේ සිරුරක් සොයාගනී



 
 (එම් .සුසිල් ප්‍රියන්ත )

          

කරන්දෙණිය අඹගහහන්දිය ගලගොඩාත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ අභිරහස් අයුරින් පිළිස්සී මියගිය කාන්තාවකගේ  සිරුර අද (1) සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
         

මෙසේ සොයා ගැණුනේ අසුදෙහැවිරිදි සිව් දරු මවකගේ මළ සිරුර බවද පොලීසිය කියයි.
         

මෙය ඝාතනයක් විය හැකි බවට තමන් සැකකරන බැවින් මේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයක් අද (1) පස්වරුවේ පැවැත්වීමට තීරනය කල බවද පොලීසිය කියයි.
    

කරන්දෙණිය පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂන පවත්වයි.