(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඇඳිරිනීතිය හේතුවෙන් පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සිරවී සිටි සේවක සේවිකාවන් 35 දෙනෙකු අද (29) දා ගම්බිම් කරා පිටත් කර යැවීමට පියවර ගත්බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වැල්ලවාය , මොනරාගල , අම්පාර , මහනුවර සහ මාතර යන ප්‍රදේශවලට මෙම පිරිස පිටත් කර යැවූ බව එම කාර්යාලය සඳහන් කළේය.
ඇඳිරි නීතිය දැමූ අවස්ථාවේ මෙම පිරිස අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ට ගම්බිම් කරා ගමන් කිරීමට නොහැකි වී තිබේ.
මේ හේතුවෙන් දින 10 ට ආසන්න කාලයක් මෙම සේවක සේවිකාවන් අදාළ කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයක රැඳී සිට ඇති අතර ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට ඔවුන් මෙසේ ගම්බිම් කරා යැවීමට අවශ්‍ය නීතිමය හා සෞඛ්‍ය උපදේශන සේවා සලස්වා දුන් බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
නීතිමය හා සෞඛ්‍යය උපදේශන සේවා සිදුකර අදාළ පිරිසගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිටත් කර යැවීමට පියවර ගත් බවත් මේ පිළිබඳ සඳහන් සහතිකයක් ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගත් බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.