ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
මාළු වෙළඳාමේ නිරත පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පාසල් සිසුවා සහ ඔහුගේ මව ලක් කල පි.සි.ආර් පරීක්ෂණයෙන් කොරෝනා වැලඳි නොමැති බවට තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි මාළු වෙළඳාමේ නිරත පුද්ගලයා කොරෝනා හැටියට වාර්තා වීමත් සමග පිලියන්දල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 23දා අවට ප්‍රදේශයේ සිදුකළ විමර්ශනයකදී මෙම පාසල් සිසුවා පැමිණ තම මවට කිසියම් ආසාදිත තත්ත්වයක් ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් එම නිවස අසලට ගොස් සිදු කල පරීක්ෂාවෙන් අනතුර ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පැවසේ .
ඒ අනුව හතළිස් එක් හැවිරිදි මව සහ ඔහුගේ පුත් 18 හැවිරිදි පාසැල් සිසුවා 23 දා හෝමාගම මූලික රෝහලට ඇතුළත් තිබේ.
එහිදි මෙම පි.සි.ආර් පරීක්ෂණයේදී ඔවුන් ආසාදිත නොවන බවට මෙසේ වාර්තා වී ඇතැයි ඉන්දික එල්ලාවල මහතා පවසයි .
එහෙත් 24දා දෙවන පරීක්ෂණයටත් 25 දා තෙවන පරික්ෂණයටත් ලක් කිරිමට නියමිතය.
පිළියන්දල අම්මටත් පුතාටත් කොරෝනා නෑ
Recommended Articles