පිහියකින් ඇන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ඝාතනය කරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න  )

කොට්ටාව මාලඹේ පාර කොන්ත්‍රාත් සමාගම රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂකයකු  පිහියකින් ඇන ඝාතනය කර  ඇතැයි පොලීසිය කියයි.

අවිස්සාවේල්ල ,දෙහිගස්ඕවිට පදිංචි ජේ.අබේබර්ධන ( 41) නැමැත්තෙක් මෙසේ මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෙදරේරුවෙකු  අත්අඋදව්කරුවෙක් ලෙස එම ස්ථානයේ සේවය කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසි කියයි.