(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම ගනේගම පූර්වාරාම පාරෙදි තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කර සැඟව සිටි 24 හැවිරිදි ප්‍රධාන සැකකරු අලුත්ම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයේ සැඟව සිටියදී අද (2 ) අත්අඩංගුවට ගත් බව කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකාර තරුණයින් තිදෙනෙකු නීතිඥවරුන් මාර්ගයෙන් අලුත්ගම පොලිසියට භාර වී තිබේ .
ඉකුත් 28 වැනි දින රාත්‍රී තරුණ දෙපිරිසක් දෙතැනක පැවැති සාදයක් අතර දුරකථන සංවාදයක් දුරදිග ගොස් පසුව දෙපිරිස රාත්‍රී 11ට පමණ එකිනෙකා හමුවි ඇතිවූ ආරවුලෙන් අනතුරුව අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි දම්මික ලක්ශාන් නැමැති තරුණයකු පිහි ඇනුම් කා බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි .
එදින සිට සිද්ධියට සම්බන්ධ අලූත්ගම පදිංචි ප්‍රධාන සැකකාර තරුණයා පොලිසිය මග හැර ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිට ඇති අතර දින කීපයකින් පසුව අලුත්ගම පොලිසියේ කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ .
මෙම ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් තිදෙනාද අද 2 කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය