නිශාන්ත කුමාර
මීගහකිවුල නගරයේ දී කාන්තාවකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ බවට සැකකරන අනෙක් කාන්තාව ද අතකට සිදුව ඇති තුවාලයක් හේතුවෙන් රිදීමාලියද්ද රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගන්නා අතර ඇය අද (16) දිනයේදී සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව කන්දකැටිය පොලීසිය පවසයි.
මීගහකිවුල මොරහෙල හන්දිය අසලදී මුදල් ආරවුලක් මත කාන්තාවන් දෙදෙනෙකු අතර මෙම ගැටුම හටගත් අතර එක් කාන්තාවක් විසින් පිහියකින් ඇනීමෙන් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය .
කෙසේ වෙතත් සිද්ධියෙන් පසුව සැකකාර කාන්තාවද පොලීසියේ පැමිණිල්ලක් දමා ඇගේ අතකට සිදුව ඇතැයි කියන තුවාලයක් හේතුවෙන් ඌරණීය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇත.