(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න සහ බණ්ඩාර ජයරත්න)
අරණායක ප‍්‍රදේශයේ විහාරස්ථාන තුනක පිං පෙට්ටි කඩා මුදල් සොරකම් කළ බව කියන පුද්ගලයකු සොරාගත් මුදල් ද සමග අද (03) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මත් කුඩු වලට ඇබිබැහි වු අයෙකු බව පොලිසිය කියයි. දිප්පිටිය රාජගිරි මල්පා රජමහා විහාරස්ථානයේ බුදු මැදුරේ ජනේලයක් කඩා ඇතුළු වී පිං පෙටිටියේ මුදල් සොරකම් කරමින් සිටින අවස්ථාවේ ප‍්‍රදේශවාසින් විසින් සැකකරු අල්ලාගනු ලැබ අරණායක පොලිසියට භාර දි ඇත.සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරිමේදි ඔහු සිදු කළ සොරකම් පිළිබඳ පාපොචිචාරණය කර ඇත.
දිප්පිටිය රාජගිරි මල්පා රජමහා විහාරය, වැලිමන්න ශි‍්‍ර විජේසුන්දරාම විහාරය හා හත්ගම්පල ශ‍්‍රි මහා බෝධි විහාරය යන විහාරස්ථානවල පිං පෙට්ටි කඩා මුදල් සොරකම් කර ඇති බවට ආනාවරණය වූ බව පොලිසිය පවසයි.හත්ගම්පල ශ‍්‍රි මහා බෝධි විහාරස්ථානයේ චෛත්‍යයේ චූඩාමාණික්‍ය සොරකම් කිරීමටද සැකකරු සම්බන්ධ බවට අනාවරණය වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් සැකකරු හා සම්බන්ධ මත් කුඩුවලට ඇබ්බැහිවු තවත් කිහිපදෙනකු සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ද පොලිසිය කියයි.