පැය 24 කදී ගම්පහ දස්ත්‍රීක්කයෙන් ආසාදිතයින් 1726 ක්


( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා  ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්‍රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සඳහන් වන අතර පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම වත්තල - 198 ක්,  මිනුවන්ගොඩ  - 160 ක්,  බියගම  - 159 ක්, මහර - 138 ක්,  අත්තනගල්ල  - 125 ක්,  දොම්පෙ  - 122 ක්,  මීරිගම  - 104 ක්,  මීගමුව  - 102 ක්, ජාඇල  - 97 ක්,  රාගම  - 79 ක්,  කටාන  - 78 ක්,  කැලණිය - 33 ක්,  දිවුලපිටිය  - 31 ක් සහ සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින්  - 20 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින්  40 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 21 ක්,  බියගමින් - 10 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  - නව දෙනෙකු වශයෙනි. 

වෙබ් අඩවියෙහි සදහන් අන්දමට අද උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 454 දෙනෙකු ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති අතර  සැක සහිත රෝගීන් 7 දෙනෙකු   ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව  483  දෙනෙකි. 

නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 37,557 දෙනෙකි.