සිතුම් චතුරංග
මුලතිව් , කෝකිලායි ආලම්පිල් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් විසදීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රකෝපවූ පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ එම නිලධාරීන් මාංචෝලේ රෝහලට ඇතුළත්කර ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මුලතිව් කෝකිලායි පොලිස් මුරපොළ වෙත ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයට ගිය පොලිස් සැරයන්වරයකුට හා කොස්තාපල්වරයකුට ප්‍රකෝපකාරීව හැසිරුණු පිරිසක් පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
එලෙස පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ පොලිස් සැරයන් සුභසිංහ බංඩාර හා කොස්තාපල් බාලසංහිඳන් නැමති කෝකිලායි පොලිස් මුරපොළට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ පහරදුන් පිරිස මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත්ය.
මේ වන විට හදුනාගෙන ඇති බවත් පහරදීම සිදුකළේ කුමන හේතුවක්මතද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද පැවසීය.
පහරදීම හේතුවෙන් තුවාල ලැබූ නිලධාරීන්ගේ තත්වය බරපතල නොවන බවද සුළු තුවාල පමණක් සිදුව ඇතැයිද වැඩිදුරටත් පැවසීය.
මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා
Recommended Articles