( රවීන්‍ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙදියක පාළු නිවසක් තුළ කපා කොටා ඝාතනය කර ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමකට අනුව වාරියපොල ගලගෙදර ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී බරපතල තුවාල සහිතව සිටි හෙදියගේ සිරුර හමුවී ඇති අතර රෝහලට රැගෙන ගියද ඒ මොහොත වන විටත් ඇය මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
කාන්තාව සමඟ එම අවස්ථාවේ නිවසේ සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධව සැකපිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු වසර දෙකහමාරක පමණ කාලයක් මියගිය හෙදිය සමඟ මෙම නිවසේ දිවිගෙවා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබේ.
මියගිය කාන්තාව පළමු සැමියා සහ දරුවන් තිදෙනෙකු අතහැර ඉහතකී පුද්ගලයා සමග කල්ගෙවා ඇති බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ ඝාතනයට ලක්වූයේ පී.එම්. ශ්‍යාමලී පතිරාජ නැමැති වයස අවුරුදු 46ක හෙදියකි.