පාසල් ළමුන් ගෙන ගිය ත්‍රිරෝද රියක් පෙරැළී 8 ක් රෝහලේ


(රංජිත් රාජපක්ෂ )                    

පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
 
අද (02) මෙම අනතුර සිදු වී ඇත්තේ  නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේය.
 
හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරුමාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුළත් කිරීමත් සමග  වේගය පාලය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය ඉදිරියේ තිබු කාණුවක් මතට පෙරැළීමෙන් මෙම අනතුර සිදු වී ඇති  බව පොලිසිය සඳහන් කරයි.