(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පස් හැවිරිදි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පාසල් සිසුවා අසල්වාසී නිවසක විවාහක පුද්ගලයකු විසින් අපයෝජනය වී ඇති බවට කරුණු හෙළිවීමත් සමග එම පුද්ගලයා ද අද(12) අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 වියේ පසුවන තිදරු පියෙකි. සැකකරු හෝටල්වල කුලී වැඩකරන්නෙකු බව අනාවරණය වී තිබේ.
යාබද නිවසේ පස් හැවිරිදි දරුවාට ජංගම දුරකතනයෙන් සින්දු ඇසීමට ලබාදී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වී ඇත.
මීට මාස පහකට පමණ පෙරදී සැකකාර විවාහක පුද්ගලයා එම සිසුවා අපයෝජනය කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.