පාසල් දරුවන් සඳහා ‘බ්‍රයිට් ස්ටාර්’නමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි තරගාවලියක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික රූපවාහිනිය හා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමත් සැරැසේ.
වයස අවුරුදු 11ත් 15ත් අතර සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර ලිඛිත පරීක්ෂණ මගින් තෝරා ගන්නා 60 දෙනකු ‘බ්‍රයිට් ස්ටාර්’ රියැලිටි තරගාවලියට සහභාගී කරවා ගැනීමට නියමිතය.
ජාතික රූපවාහිනීය ඔස්සේ විකාශය කෙරෙන මෙම වැඩසටහන මගින් දරුවන්ගේ වාචික,භාෂාමය,සංගීත,තාර්කික,ගණිත, ආදී නව බුද්ධිය පරීක්ෂා කිරීමට නියමිත බව අධ්‍යාපන අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා එම අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අවසන් මහා තරගයෙන් ජයගන්නා දරුවාට හෝ දැරියට රුපියල් රුපියල් ලක්ෂ හතක් හා ඔහුගේ හෝ ඇයගේ පාසලටරුපියල් ලක්ෂ තුනක්ද දෙවැනි ස්ථානය සහා රුපියල් ලක්ෂ හතරක් හා පාසලට රුපියල් ලක්ෂ තුනක් ද පිරි නමන බව ග්‍රේරු මහතා කීවේය.