පාරක් සාදා දෙන්නැයි විරෝධතාවක්


 (ජේ.කේ.එල් චාමින්ද සහ සදනුවන් කිර්ති)


යක්කලමුල්ල, මාගෙදර, විලවිල හන්දියේ සිට ඇල්ල ඉහළ උඩුවැල්ල දක්වා දිවෙන මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින්  ප්‍රදේශවාසින් විශාල පිරිසක් විලවිල හන්දියේදී  දැවැන්ත විරෝධතාවයක නිරතව සිටිති.


අද (11) උදැසන මෙම විරෝධතාව ආරම්භ කළ අතර මේ වනවිටත් විරෝධතාව පැවැත්වීම හේතුවෙන්  ගාල්ල අකුරැස්ස මාර්ගයේ  විලවිල හන්දියෙන් අවහිර වි තිබේ.


 ඇමතිතුමනි මේ අහන්න බොරු පොරොන්දු අපට එපා, දිසාපතිතුමනි මේ අහන්න අපේ පාර හදලා දෙන්න, සභාපතිට අපි කියන්නේ අපේ පාර හදලා දෙන්න බොරු පොරොන්දු අපට එපා අපේ පාර හදලා දෙන්න, ආදි සටන්පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතව සිටිති.  


 විරෝධතාකරුවන් ගාල්ල අකුරැස්ස මාර්ගය විලවිල හන්දියෙන් අවහිරකොට ඇති නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලටද බාදා ඇතිවි තිබේ.