(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පන්නිපිටිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් අසළ පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු අද(18) යතුරු පැදියක ගැටී මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කඹුරුගමුවේ ගොඩකන්දවත්ත පදිංචිව සිටි පුස්සගොඩගේ ප්‍රසාද් කුමාර නමැති 42 හැවිරිදි අයෙකි.
එම තැනැත්තා අද පාර මාරුවීමට ගිය අවස්ථාවේදී මහරගම දෙස සිට පැමිණි යතුරු පැදියක ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරට පත් පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පැවසේ.
යතුරුපැදිකරුද තුවාල ලබා රෝහල් ගතකර ඇත.
කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

