(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවන් සහ පාතාල නායකයන් කිහිපදෙනෙකු සමග සමීප සබඳතා පැවැත්වූ පාතාල සාමාජිකයකු හෙරොයින් මත්කුඩු සමඟ අද (20) ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත සිරිපාල පින්තු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි .
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 320 පොලිසිය බාරයට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින සින්නයියා ගුණසේකරන් නොහොත් ‘කිඹුලා ඇලේ ගුණා’ නැමැත්තාගේ සමීපතමයකු ලෙස මේ වන විට කටයුතු කරන බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.