පාතහේවාහැට 38 ක් නිරෝධායනයට


ඩබ්ලිව්.ඒ. අසේල

වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 රෝගය ආසාදිත වී ඇති බවට අද (28) තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ පවුල් අටක පුද්ගලයින් 38 දෙනෙකු නිරෝධනයට ලක්කිරීමට පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් හා තලාතුඔය පොලීසිය කටයුතු යොදා ඇත.

එම 38 දෙනා අතුරිනුත් පිරිමි පුද්ගලයින් 15 ක් හා කාන්තාවන් 5 දෙනෙකු වෙනත් ප්‍රදේශ වල ඇති නිරෝධායන මධ්‍යස්ථාන වලට හෙට (29) දින තුල යොමු කිරීමට මේ වන විට කටයුතු සංවිධානය කරන බවද එම නිලධාරින් ප්‍රකාශ කොට සිටී.


ඔහු ඇසුරු කල තවත් පුද්ගලයින් සොයා පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කර ඇති අතර නැහිනිවෙල ප්‍රදේශයට වාහන හා පිටස්තර පුද්ගලයින් ඇතුල් වීමද සීමා කර ඇති අතර ප්‍ර දේශයේ පොලිස් ආරක්ෂාවද තර කර ඇත.