ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රක්ෂණ ක්‍රමයක්


(නාලක සංජීව දහනායක)

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා රක්‍ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (23) පැවැසීය.

මාතාලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත‍්‍රකළා සංගමයේ සාමජිකයන් සමඟ පාර්ලිමේන්තුවේදී අද පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් මාධ්‍ය ආයතන ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මෙන්ම මාණ්ඩලික මාධ්‍යවේදීන් සඳහාද නිසි නියාමනයන්ට අනුව වැටුප් නොගෙවීම හේතුවෙන් වෘත්තීය වගකීම් ඉටුකිරීමේදී පොදුවේ සියලුම මාධ්‍යවේදීන් අපහසුතාවයට පත්වන බවද ඔවුහු අගමැතිවරයාට පෙන්වා දුන්හ.

නිසි ක‍්‍රමවේදයක් අනුව වැටුප් ගෙවීම පිළිබඳව හා මාධ්‍යවේදීන්ගේ සුරක්‍ෂිතබව ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවන අවස්ථාවකදී මේ පිළිබඳව සාකච්ඡා කරන බව අගමැතිවරයා සඳහන් කළේය.