(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් මාතලේ බණ්ඩරපොල රජයේ වත්තේ විශාල ගස් 110 ක් කපා ඉවත් කරන බවට ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කළ ලිපියකට අනුව එම වතුයායේ සිදු කරමින් පැවති දැව කැපීම තාවකාලිකව තහනම් කිරිමට රත්තොට ප්‍රාදේශීය ලේකම්වරයා පියවරගෙන ඇත.
රත්තොට ප්‍රදේශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා එම වත්තේ දැවහෙළීම හා ප්‍රවාහනය සිදුවන අයුරු එම ස්ථානයට ගොස් නිරික්ෂණය කිරිමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇති අතර දැව කපා ඉවත් කිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් සිදියාමේ අවදානමක් පවතින බවත් දැව ඉවත් කිරිමේදී බලපත්‍ර කොන්දේසි කඩ කරමින් තේ වගාව විනාශකරමින් දැව කපා දමන බවත් කියමින් ප්‍රදේශවාසීහු පැමිණිලි කර තිබිණි.