ප්‍රංශ වෛද්‍යවරිය විවේකය නවතා වගකීමට උරදෙයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී තුවාල ලැබු යතුරුපැදිකරුට ඒ අසලින් ගමන් ගත් විදේශිකයන් රැගත් බස් රථයක සිටි ප්‍රංශ ජාතික වෛද්‍යවරියක් වහා බස් රථය නවතාගෙන අනතුරට ලක්වු යතුරුපැදිකරුට වහා ප්‍රතිකාර ලබාදෙන අවස්ථාවක් බණ්ඩාගරම ගැලනිගම අධිවේගී පිවිසුම මාර්ගය අසලදී දැක ගත හැකිවිය.


හොරණ දෙස සිට බණ්ඩාගරම දෙසට මෝටර් රථය පැමිණෙමින් සිටියදී එම දිශාවටම ගමන් කරමින් තිබු යතුරුපැදිකරු මෝටර් රථයේ වම්පස පිටුපස ගැටීමෙන් යතුරුපැදිය සමඟ ඇඳ වැටී තිබේ.