පළාත් සභා ඡන්දය කල් දැමීමට පූජාපිටිය සභාවේ විරෝධය


(මොහොමඩ් ආසික්)

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට විරෝධය දැක්වීමේ යෝජනාවක් අද (12) පූජාපිටිය ප්‍රාදේශිය සභා මාසික මහ සභා රැස්වීමේදී සම්මත කර ගනු ලැබීය.

පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැති එහි මාසික මහ සභාවට හිටපු සභාපතිවරයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර මඩලුස්ස  මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින්  පළාත් සභා මැතිවරණට දිගින් දිගටම රජය ප්‍රමාද කරමින් යන්නේ පරාජය වීමට ඇති බය  නිසා බවත් එයින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය වන බැවින් පළාත් සභා මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද කිරීම ගැන දැඩි විරෝධය දක්වන බවත් වහාම මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් කීය මෙම යෝජනාව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සිරිල් විජේවර්ධන මහතා ස්ථීර කළේය.

මෙහිදී අදහස් දැක්වූ සභාපත් අනුර ප්‍රනාන්දු මහතාද සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට තමන්ද දැඩි විරෝධය දක්වන බවයි.