පහරිය වනජිවියට අයත් විදුලිවැට කපා දාලා


(රෝවන් පෙරේරා සහ ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව පහරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් විදුලිවැට කිසියම් පුද්ගලයකු විසින් කපා දමා ඇති බවට වනජීවී කරුවලගස්වැව කාර්‍යාලයට දැනුම් දීමට සිවිල් ආරක්ෂක නිළධාරීන් කටයුතු කල බව වනජීවී සිවිල් ආරක්ෂක නිළධාරීහු කියති.

අද (17) වන දින අළුයම විදුලි වැටේ නිරීක්ෂණ කටයුතු කළ සිවිල් ආරක්ෂක නිළධාරින් මෙම වැට කපා දමා තිබෙනු දැක අදාල බළධාරින් දැනුවත් කර ඇත.

ඒ අනුව පොලීසියට කල දැනුම් දීමට වහා ක්‍රියාත්මකවූ කරුවලගස්වැව පොලීසිය ඒ පිළීබඳ පරික්ෂණ ආරම්භ කර පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

කරුවලගස්වැව පොළීසියේ ස්ථානාධීපති සුජීව අලවත්ත මහතා පැවසුවේ සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ කරුවලගස්වැව ප්‍රධාන කාර්‍යාලයට  අනියුක්තව සේවය කරන සෙබලකු වන අතර ඔහු සන්තකයේ තිබී දඩමස් සහා නිති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා දඟරයක් දම්වැල් කියතක් (චේන්ෂෝ )පොලිස් බාරයට ගත් බවයි.

ප්‍රකාශ සටහන් කර වනජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවේ විදුලිවැටට කල හානිය පිළිබඳ තක්සේරු වාර්ථාවක් ලබා ගැනමෙන් පසු අධිකරණ කටයුතු කිරීමට නියමිතව ඇත.