(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව උඩප්පුව ප්‍රදේශයේදි දරුණුලෙස පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනෙකු 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පුත්තලම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු එෆ්. එස්. මහ්සි මහත්මිය නියෝග කළාය.
මෙසේ ගතකරනු ලැබුවේ උඩප්පුව ආඩිමුනේ ප්‍රදේශයේ පදිංචි කාන්තමුත්තු සුගන්දර් 32 සහ එම ලිපිනයේහිම පදිංචි සොගමාලෙයි ආරුල් මුරුගන් නැමති පුද්ගලයින් දෙදෙනෙකි. මෙම පහරදීමෙන් මරණයට පත්වූයේ උඩප්පුව ආඩිමුනේ පදිංචි කනගලිංගම් රමේෂ් නැමති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඉකුත් 05 දින මෙමසැකකරුවන් දෙදෙනා හා මරණකරු අතර සිදුවු ආරවුලකදී අධික ලෙස පහරදෙනබව ඔහුගේ බාල සොහොයුරා විසින් දැක ඇතිබව පොලීසිය පවසයි.
මෙසේ පහර කෑමෙන් බරපතල තුවාලැබූ තුවාලකරු උඩප්පුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත. මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් එදිනඅධිකරණය වෙත ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත් වරිය විඩිදුරටත් පොලීසියට නියෝග කළාය.