( නිශාන්ත කුමාර සහ ඩී කේ රත්න )
මඩොල්සිම ගම්මාන කිහිපයක ජනතාව සහ පාසැල් සිසුන් සියයකට ආසන්න පිරිසක් එක්ව අද (17) උදෑසන පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පැවැත්වූ උද්ඝෝෂණය පැය එක හමාරක පමණ කාලයකට පසුව අවසන් කළේය.
මඩොල්සිම ගම්මාන කිහිපයක ජනතාව සහ පාසැල් සිසුන් සියයකට ආසන්න පිරිසක් එක්ව අද (17) උදෑසන පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පැවැත්වූ උද්ඝෝෂණය පැය එක හමාරක පමණ කාලයකට පසුව අවසන් කළේය.
පස්සර මඩොල්සිම බස් රථ ධාවනය සම්බන්ධ ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන ඉරිදා (19) දිනයේදී බදුල්ල ඩිපෝවේ නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව ගෙන්වා සාකච්ඡා කරන බවට පොලීසිය මගින් ලබාදුන් පොරොන්දුවක් මත උද්ඝෝෂකයෝ විසිර ගියහ.
පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගය, මාලිගාතැන්න ප්‍රදේශයේ දී අවහිර කරමින් පාසල් දරුවන් ඇතුලු සියයකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අතර එහි පැමිණ මඩොල්සිම පොලීසියේ නිලධාරීහු ජනතාවට කරුණු පහදා දීමෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.



