(පාලිත ආරියවංශ)
පස්සර - මඩොල්සිම මාර්ගය මාළිගාතැන්නෙහිදී අවහිර කරමින් අද(17) උදෑසන ගම්මාන සහ තේ වතු කීපයක ජනතාව හා පාසැල් සිසුහු විරෝධතාවයකට සහභාගීවී සිටියහ.
පස්සර සිට මැටිගහතැන්න දක්වා ධාවනය වූ බස්රථයක් නතර කර එය නොබෝදා අනතුරට පත්වූ ඇකිරිය බස්රථය වෙනුවෙන් යෙදවීමට ලංගම බදුල්ල ඩිපෝව පියවර ගැනීමට ඔවුහු විරෝධය පළකළහ.
ඇකිරිය පෙදෙසට බස් රථ යෙදවීම අනිවාර්යෙන්ම කළ යුතු වුවත්, මාළිගාතැන්න දක්වා ධාවනය වූ බස් රථය ඉවත් කර එය ඇකිරියට යෙදවීම අසාධාරණ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
මේ තත්වය නිසා මාළිගාතැන්න ඇතුලු ගම්මාන රැසක ජනතාව හා වතුකරයේ ජනතාව දැඩි ගමනා ගමන දුෂ්කරතාවයකට පත්වන බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිර වීම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය.

(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)


ඡායාරූප - සමන් පාලිත නානායක්කාර

