(සිසිර ලලිත් කුමාර )
කොවිඩ් 19 වැළඳුනු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුගේ පවුලේ පිරිස් හා ඔවුන් ඇසුරු කළ බවට සැළකෙන පුද්ගලයන් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බව නාවලපිටිය පස්බාගේ කෝරලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණි නාවලපිටිය අලුත්ගම හා පල්ලේගම යන ප්‍රදේශවල ල පදිංචි නාවික සෙබලුන් දෙදෙනෙකු ට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්තේ සිදු කළ චජර පරීක්ෂණ වලින් අනතුරුවය.
ඉන් අනතුරුව ඔවුන් 26 රාත්‍රියේ රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර එම නාවික සෙබලුන්ගේ නිවැසියන් නාවික හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් අනෙක් ඇසුරු කළ පුද්ගලයන් වෙනත් නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට පියවර ගත් බව නාවලපිටිය පස්බාගේ කෝරලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොලමුන්න මහතා වැඩිදුරටත් පැවසීය.