පස් වසරකට පසු කවුඩුල්ල වාන් දමයි


(ක.ග.කරුණාරත්න)

මැදිරිගිරිය කවුඩුල්ල ජලාශය වසර 5කට පසුව මෙවර මහවැසි සමඟ වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජලය අද(22) දහවල් වනවිට පිටාර මට්මට ඉහළ යාම නිසා එහි වාන්දොරටු 12න් 2ක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග නිලධාරීහු කීහ.

එමගින් පිටතට මුදාහැරෙන ජලය ප‍්‍රමාණය තත්පරයකට ඝන අඩි 300ක් පමණ බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.

වැසි තත්වය තවදුරටත් වර්ධනය වී වැවට වැඩි ප‍්‍රමාණයක් ජලය ගලා ඒම සිදුවුවහොත් වාන් දොරටු වැඩි ප‍්‍රමාණයක් විවෘත කිරීමට ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.

කවුඩුල්ල ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 104,000කි.

ඡායාරූප - චාපා මධුභාෂිණී