(කුෂාන් ජයවර්ධන)
පලාගල ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂය සදහා වන අයවැය අද (17) සභාගත කෙරිණ. එහිදි එම අයවැය වැඩි ඡන්දයකින් සම්මත විය.
පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික්‍රමසිංහ මහතා විසින් අය වැය සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවු අතර ඊට විපක්ෂව හිමි වුයේ ඡන්ද 08කි.
අයවැය සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදි පලාගල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිපි.එල්.ඒරසිදු(ශ්‍රිලංනිප), ආණ්ඩු පක්ෂයේ සභිකයින් වන ඩි.එම්.ජයන්ත රාජපක්ෂ(පොජපෙ) හා ඩී.එම්.නන්දන දිසානායක (ශ්‍රිලංනිප) යන මහත්වරු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂය නියෝජනය කරන ජේ.අෆිස්දීන්(එජාප) හා එච්.එල්.ඉර්ෂාද් (එජාප) යන සභිකයින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම ද විශේෂත්වයකි.
ජනතා විමුක්ති පෙරමුණේ සභිකයාද අය වැය සදහා විරුද්ධව ඡන්දය භාවිතා කළ සෙසු පිරිස අතර වූයේය.