පර්ත් නුවරත් සදහම් සිසිලෙන් නැහැවෙයි


ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කෙන්වික් බෞද්ධ විහාරස්ථාන භූමියේ  දර්ශනීය වෙසක් පහන් කූඩුව අජා බ‍්‍රහ්ම වංසෝ හිමි, ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තී‍්‍ර මන්තී‍්‍ර දොන් රැන්ඩෝල් ඇතුළු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවෘත විය. මෙම දර්ශනීය පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ කලාශූරී චන්ද්‍රදාස හේවගේ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසිනි. සිදුහත් කුමරු සත් පියුම් මතින් වඬින නිර්මාණය පර්ත් සිංහල පාසල විසින් ඉදිරිපත් කැරිණි.

දෙදිනක් පුරා පන්සල් භූමියේ  බත් දන්සලක් ද , අයිස්කී‍්‍රම් දන්සලක් ද පැවැත්විණි.   200කට ආසන්න  පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටියහ. සතියක් පුරා ධර්ම දේශනා මාලාවක් ද පැවැත්විණි.
පර්ත් ශ‍්‍ර‍්‍රී ලංකා බෞද්ධ  විහාරාධිපති ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක බේරුවල ශී‍්‍ර සෝභිත හිමිහන්ගේ අනුශාසනා පරිදි මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන , ඇඹුල්අඹේ ඉන්ද්‍රසාර හිමිවරු මේ පිංකමට සහය වූහ.