(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් මව සහ පුතා මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඒ-9 මාර්ගයේ උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී ගමන්ගත් තෙල් බවුසරයට ඉදිරියෙන් පැමිණි ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ එකම පවුලේ මව සහ පුතා ගමන්කොට ඇති අතර එහිදී බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ උමෙයියාල්පුරම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මව වූ රාධක්‍රිෂ්ණන් මීණාප්පාල් සහ ඇයගේ පුතනුවන් වූ 21 හැවිරිදි රාධක්‍රිෂ්ණණ් කිරුබාකරන් යන අය බවට හඳුනාගෙන ඇති අතර කිලිනොච්චිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.