පතලක වැඩකරමින් සිටි පුද්ගලයකුගේ හිසට ගලක් කඩා වැටී මරුට


ප්‍රසන්න පත්මසිරි
 
බිබිල මුදියල මැණික් පතලක වැඩකරමින් සිටියදී ගලක් හිසට කඩාවැටීමෙන් එයට යටවී බරපතල තුවාල ලැබු පතල්කරුවෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.

බිබිල රතුපස්කැටිය ගම්මානයේ පදිංචි ආර්.ඩී ඇන්ටන් ප්‍රනාන්දු (53) හැවිරිදි දෙදරු පියෙකි.

බලපත්‍ර සහිතව පවත්වාගෙන ගිය මැණික් පතල් වළ තුළ සිව් දෙනෙකු පස් කපමින් සිටියදී පස් වේල්ලක තිබු ගලක් හිසට වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

පතල්කරු බිබිල රෝහලට ගෙන යන විටත් මියගොස් සිටින බව පොලීසිය පවසයි.