(ඩබ්. ඒ. පියතිලක)
පණ්ඩුකාභය කුමරු සහ ස්වර්ණපාලි කුමරිය වාසය කළ ඓතිහාසික මාළිගාව සහ එහි නටඹුන් පුරා විද්‍යා දෙපාරමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලිකිලිමත්කම නිසා විනාශයට ලක්ව ඇතැයි ස්වර්ණපාලි රජමහා විහාරයේ විහාරාධිපති හිඟුල්වල කුසලඥාණ නාහිමි පවසයි.
උනවහන්සේ මෙසේ ද පැවසූහ.
“ඉතිහාසයේ සඳහන් පරිදි පණ්ඩුකාභය රජු සහ ස්වර්ණපාලි කුමරිය වාසය කළ රාජ මාළිගාවේ නටඹුන් මේ විහාරස්ථාන භූමියේ පිහිටා තිබෙනවා. මාළිගාව, ආරෝග්යිශාලාව ඇතුළු පැරණි නටඹුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා නිසි නඩත්තුවක් නොමැතිකම නිසා විනාශ වෙමින් තියෙනවා. ඉපැරණි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන මෙසේ විනාශවීමට ඉඩහැර තිබීම රටේ ඉදිරි පරම්පරාවට විශාල හානියක්. මාළිගාවේ විශාල ගස් හැදිලා බිත්ති පුපුරලා කඩා වැටෙනවා. ඒවා ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ නැතුව පුරාවිද්‍යා නිලධාරීන් බොරුවට වෙන වෙන තැන්වල හාරනවා”