අමදෝරු අමරජීව
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව ත්‍රිකුණාමලයේ පිහිටි මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබු ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ අධ්‍යයන කටයුතු හෙට (20) හා (21) දෙදන තුළදී අවස්ථා දෙකකදී ආරම්භ කිරිමට විධි විධාන යොදා තිබේ.
මේ අනුව එම පීඨයේ 2015/2016 දක්වා පළමු වසරේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු හෙට (20) ආරම්භ වන අතර 2013/2014 තුන්වැනි වසරේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු 21 ආරම්භ කෙරෙන බව මණ්ඩපාධිපති ආචාර්ය වි.කනකසිංහම් මහතා පැවසීය.
ජන සන්නිවේදන ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසුන් පිරිසක් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පන්ති වර්ජනයක් ක්‍රියාත්මක කිරිම නිසා එම පිඨය තාවකාලිකව වසා දැමුණු අතර 2015/16 පළමු වසර සිසුන් ඇතුළත් කර ගැනීමට පමණක් සීමාවී තිබුණි.