නෝර්වුඩ් ඇඟළුම් සේවිකාවෝ 200ක් හදිසියේ ලෙඩ වෙති


(රංජිත් රාජපක්ෂ)

නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

අද (4) පෙරවරු 9.45 ට පමණ එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් එක්වරම සිහිසුන්ව ඇදවැටිම නිසා එම සේවිකාවන්  රෝහලට ඇතුළත් කර ඇති අතර කර්මාන්ත ශාලාව මගින් ලබා දුන් උදෑසන ආහාර විස වීමෙන් මෙම සේවිකාවන් රෝගාතුර වන්නට ඇතැයි නොර්වුඩ් පොලිසිය සැකකරයි.