නොමිලයේ වෘත්තිය පුහුණුව ග්‍රේරු පදනමෙන්


මොහාන් ලාල් ග්‍රේරු පදනම ආරම්භ කැර ඇති වෘත්තී පුහුණු පාඨමාලා නොමිලේ හැදැරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අවස්ථාව  දෙන  බව ග්‍රේරු පදනම කියයි.

පරිගණක,විදුලි කාර්මික,ගුවන් විදුලි උපකරණ අලුත් වැඩියාව,විද්‍යානුකූල ඇඳුම් කැපීම හා මැසීම,ශිතකරණ,වායු සමීකරණ හා ශෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව, යන පාඨමාලා සඳහා වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන්ට මේ සදහා අයදුම් කළ හැක.

මැයි 31 වැනිදාට පෙර , ‘නොමිලේ පවත්වන වෘත්තිය පුහුණූ පාඨමාලා,’ වෘත්තිය පුහුණු අධිකාරිය ,අංක 207/01/01,ගාලු පාර ,රත්මලාන යන ලිපිනයට අයදුම් පතක් එවීමෙන්   ලියා පදිංචි විය හැකි බවත්  011-4216591 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් එම පදනම කියයි.