(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස වින්ද්‍යා හංසනී මෙනවිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නාය.
නුවරඑළිය මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලද අජිත් කුමාර මහතා ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම හේතුවෙන් එම පක්ෂය විසින් ගනු ලැබු විනය පරීක්ෂණයකට අනුව ඔහු මන්ත්‍රීධුරයෙන් ඉවත් කර එම පුරප්පාඩු මන්ත්‍රීධුරය සඳහා මෙම නව පත්වීම සිදු කරන ලදි.
වින්ද්‍යා හංසනී මෙනවිය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය මහා නගර සභාවේ මැතිවරණ කොට්ඨාස අංක හත යටතේ තරග වැදුණු අපේක්ෂිකාවකි.