(එෆ්.අස්ලම්)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධීව වැලි ගොඩදැමූ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒක්කය මගින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.
කන්දකැටිය කන්දගහවල ගලා බසින බදුළු ඔයේ මොවුන් මෙම වැලි ගොඩ දැමීම සිදුකර ඇති බවත් මොවුන්ට වැලි ගොඩ දැමීමේ බලපත්‍ර ඇතත් බලපත් කොන්දේසි උල්ලංඝනය කරමින් වැලිගොඩ දමා සිටි බවත් පොලිසිය සදහන් කර සිටීයි.
බදුල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප රත්නායක මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණු අතර සැකකරුවන් කන්දකැටිය හා කිරුබෝතැන්න ප්‍රදේශවල පදිංචි 36 සහ 39 වයස්වල පසුවන්නෝ වෙති.