(නිමන්ති රණසිංහ)
කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර සන්තකයේ තබා ගත්තැයි වරද පිළිගත් චීන ජාතිකයාට රුපියල් 280,000ක දඩයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ අනික් සැකකාරියන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇපයක් සහ 500,000ක ශරීර ඇප මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කළේය.
මෙහි දෙවනි හා තුන්වනි සැකකාර චීන කාන්තාවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.