නීතිවිරෝධීව ගෙන්වූ සිගරට් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ජී.ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

තීරු බදු රහිතව මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයකු  අද(22) යක්කලමුල්ල උඩුවිටයන දී  අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල  පොලිසිය කියයි.

සැකකරු ගාල්ලේ පදිංචි 42 හැවිරිදි අයෙකි.

සැකකරු සතුව සිගරැට් 920  තිබූ බව පොලිසිය කියයි.මෙම සිගරට් තොගයේ වටිනාකම රුපියල් 46,000ක් පමණ වන බව ද පොලීසිය කියයි. සැකකරු මෙම සිගරට් තොගය බලපිටියෙන් මිලදී ගත් බවපොලිසිය කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කර තිබේ.සැකකරු සමඟ අත්අඩංගුවට ගත් සිගරට් තොගය හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.