( කේ බුද්ධික කුමාරසිරි )
තීරු බදු නොගෙවා රැගෙන ආ දුම්වැටි අලෙවියේ නිතරව සිටි වෙළඳසල් හිමියෙකු සහ එම දුම්වැටි බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු නීති විරෝධී බදු නොගෙවූ දුම්වැටි 360 ක් ද සමඟ හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ අද (31) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබදු කාර්යාලය පවසයි
හෝමාගම ගොඩගම ප‍්‍රදේශයේ දිවා රාති‍්‍ර කි‍්‍රයාත්මක වෙළඳසලක නිත්‍යනුකූල දුම්වැටි සමගින් මෙලෙස බදු නොගෙවූ දුම්වැටි ද තබා ගෙන පාරිභෝගිකයින්ට විකුණන බවට පාදුක්ක සුරාබදු කාර්යාලයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කර ඇත.
එලෙස දුම්වැටි විකිණු වෙළදසලෙහි තිබී දුම්වැටි 60 ක් සහ එම වෙළඳසලට දුම්වැටි ලබා දුන් බව කියන පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී තවත් දුම්වැටි 300 ක් සොයා ගැනිමට හැකි වූ බවද එම කාර්යාලය පවසයි
දුම්වැටි බෙදා හැරීමේදි අත් අඩංගුවට පත් පුද්ගලයා පනාගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර මෙලෙස බදු නොගෙවූ දුම්වැටි රැගෙනවිත් යතුරුපැදියකින් ගොස් වෙළඳසල්වලට අලෙවිකර ඇති බව අනාවරණය වූ බවද එම කාර්යාලය පවසයි.
අත් අඩංගුවට ගත් දෙදෙනා දුම්කොල පනත යටතේ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.

