(දයාරත්න ඇඹෝගම)
දැව ප්‍රවාහනය කිරීම සහ නීති විරෝධීව මත්පැන් පෙරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අද (20) ස්ථාන කිහිපයකදී අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
ගලෙන්බිදුණුවැව පොලිස් වසම තුල අද (20) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
ගලෙන්බිදුණුවැව - දුටුවැව ප්‍රදේශයේදී යාං ඔයෙන් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දමා ප්‍රවාහනය කිරීමට සුදානම්ව සිටියදී පුද්ගලයන් දෙදෙනකු සමඟ ට්‍රැක්ටර් දෙකක්ද බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටියදී දැව සමඟ පුද්ගලයෙකු හා ට්‍රැක්ටරයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැව හිඹුටුගොල්ලෑව රක්ෂිතයෙන් කපන ලද ඒවා බවට පොලිසිය සැක කරයි.
මේ අතර ගලෙන්බිදුණුවැව කොකාවැව ප්‍රදේශයේ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙකු ගොඩා ග්‍රැම් 2100 හා පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සකකරුවන් 4 දෙනා සමඟ වැලි හා දැව ප්‍රවාහනයට යොදාගත් ට්‍රැක්ටර් රථ ගලෙන්බිදුණුවැව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ඇප මත මුදා හැර තිබේ.
සැකකරුවන් 23 දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩි දුර පරීක්ෂන සිදුකරයි.