(තුසිත කුමාර ද සිල්වා)
නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් මිලිලීටර එක් ලක්ෂ හැටපන් දහසක් පයාගල කටුකුරුදුගහලන්ද ප්‍රදේශයේදී අද (22) අත්අඩංගුවට ගත්බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය පැවසීය.
එකම පවුලේ පියා , දුව සහ බෑණාවරුන් දෙදෙනකු එක්ව මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇති බවත් කළුතර දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේ මෙම පුද්ගලයන් මත්පැන් බෝතල් අසුරමින් සිටි බවත් එම ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය නඩු භාණ්ඩ සමඟ දකුණු කළුතර පොලිසියට භාර දී ඇති අතර හෙට (23) මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දකුණු කළුතර පොලිසිය පැවසීය.