නීති විරෝධිව ප්‍රවාහනය කළ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට


(ලලිත් නවරත්න)
 
හලාවත පුත්තලම මාර්ගයේ ආනවිලුන්දාව ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ හල්මිල්ල දැව කඳන් 37ක් සමඟ පුද්ගලයින්  දෙදෙනෙකු අද (15)  පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයින් දෙදෙනෙකි.ආරච්චිකට්ටුව ආනවිලුන්දාව ප්‍රදේශයේ මුතපංතිය මාර්ගයේ ස්ථානයක සිට ආරච්චිකට්ටුව ප්‍රදේශය දක්වා මෙම දැවකඳන්  තොගය ප්‍රවාහනය කර ඇතිබව පොලීසිය පවසයි.
 
දැව තොගයේ වටිනාකම මෙතෙක් ගනනය කර නැත. සැකකරුවන් සමග දැව  කඳන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ආරච්චිකට්ටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස්මත පරීක්ෂණ පැවැත්වෙයි