නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අද (28) අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 7දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වළක්වාලීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙහෙයුමක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලදී. එහිදී නීතිවිරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි යාත්‍රා හතරක් (04) නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව එහි සිටි පුද්ගලයින් 7දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, LED විදුලි බල්බ 04ක් සහ බැටරි 13ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඉදිරි විමර්ශන කටයුතු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.


